කොවිඩ් උපදෙස් නොතකා පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් ගැන සෞඛ්‍ය අංශ ගත් තීරණය

covid19 teachers tuition class kotagala phi rahavan
By Sewvandhi Apr 24, 2021 09:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව හැටන් කොටගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්ති නතර කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය අද (24) කටයුතු කර තිබුණි. කොවිඩ් - 19 වෛරසය පැතිර යෑමේ දැඩි අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස්වලට පටහැනිව හැටන් කොටගල ප්‍රදේශයේ එම උපකාරක පන්ති දෙකක් පවත්වාගෙන ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත උපදෙස් මාලාවක් මේ වනවිට නිකුත් කර ඇති අතර, එම උපදෙස්වලට අනුව උපකාරක පන්ති පවත්වාගෙන යෑම තහනම් කර ඇති බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාගවන් මහතා කියා සිටියේය.

උපකාරක පන්ති ගුරුවරුන් හමුවේ එම උපදෙස් පත්‍රිකා කියවා තේරුම් කර දීමෙන් අනතුරුව පන්ති සඳහා සහභාගී වී සිටි සිසු සිසුවියන් ආපසු නිවෙස් වෙත පිටත්කර යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb