මව්වරුන් 9 දෙනකු හිමිකම් කී "සුනාමි බේබි-81" දරුවා සාමාන්‍ය පෙළ ලියන්න එයි

Gossip
By Thaya Mar 01, 2021 06:11 PM GMT
Thaya

Thaya

Report

සුනාමි ඛේදවාචකයෙන් අතුරුදන් වී පසුව සොයාගත් සහ රෝහලේදී මව්වරුන් 9 දෙනකු උරුමකම් කී "සුනාමි බේබි -81" යනුවෙන් හැදින් වූ කල්මුනෙ හි පදිංචි ජෙයරාස් අබිලාස් දරුවා අද (01) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. කළුතාවලෙයි ප්‍රදේශයේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට, තම පියා සමග ගොස් පුෂ්පෝපහාර දක්වා, පසුව සෙට්ටිපාලයම් මහා විද්‍යාලයේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයට ඔහු පිටත්ව ගියා. සුනාමි ඛේදවාචකය සිදු වූ අවදියේ දී, දින 67 ක් වූ අබිලාස්, මුහුදු රළට අසුවී ගසාගෙන ගොස් පැය 18කට පසු සොයාගනු ලැබුවා.

කල්මුනේ මූලික රෝහලේ හෙදියන්ගේ භාරයේ සිටි අභිලාස්ට, මව්වරුන් 09දෙනෙකු පැමිණ උරුමකම් කීව ද අධිකරණ මාර්ගයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල පියාවන ජේරාජ් නමැත්තාට භාරදී තිබෙනවා. මෙම දරුවා සිටි රෝහලේ ඇඳ අංකය 81 හේතුවෙන් "සුනාමි බේබි 81" ලෙසින් හඳුන්වනු ලැබුවා.


GalleryGalleryGalleryGallery