අවුරුදු 80000කට පසු හෙට සිදුවෙන දේ..හැමෝම මේ වේලාවට බලන්න සූදානමින් ඉන්න.

By Aruna Sep 27, 2024 07:34 AM GMT
Report

වසර අසූ දහසකට (80,000) වරක් පෙනෙන වල්ගා තරුවක් හෙට සවස හිරු බැස යෑමෙන් පසු ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු සඳහන් කළේ, සූර්යයා සමඟ සමීපවන C/2023 A3 (Tsuchinshan-ATLAS) නම් මෙම වල්ගා තරුව පියවි ඇසට නිරීක්ෂණය වන බවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන නව පොලිස්පති පත්කරයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන නව පොලිස්පති පත්කරයි..


ශ්‍රී ලංකාවේ අහස නිරීක්ෂකයින්ට හෙට(28) සවස හිරු බැස යෑමෙන් පසු මෙම දුර්ලභ ආකාශ වස්තුව දැකගත හැකි බවත් පියවි ඇසට එය දුර්වල තිතක් ලෙස දර්ශනය වූවත්, දුරේක්ෂයක් භාවිත කොට එහි වලිගය සහිත විචිත්‍රවත් වල්ගා තරුවම දැක ගත හැකියාව තිබේ.

හිරු උදාවට මිනිත්තු 45 සිට පැයකට පෙරත් මෙම වල්ගා තරුව නැගෙනහිර අහසේ දර්ශනය වනු ඇති බවයි ඒ මහතා පවසන්නේ.

වසා තිබූ දෙයක් යළි එකවරම විවෘත කිරීමට ජනපතිගෙන් විශේෂ නියෝගයක්..(VIDEO)

වසා තිබූ දෙයක් යළි එකවරම විවෘත කිරීමට ජනපතිගෙන් විශේෂ නියෝගයක්..(VIDEO)


ගිහාන් වීරසේකර මහතා සඳහන් කර ඇත්තේ, මෙම සිදුවීම අසාමාන්‍ය වන්නේ මෙම වල්ගා තරුව වසර 80,000 ක කක්ෂගත කාලයක් සහිත දිගු-කාලීන වල්ගා තරු ගණයට අයත් වීම වන අතර, එය අවසන් වරට සූර්යයාට සමීපව ගමන් කර ඇත්තේ මීට වසර 80,000 කට පෙර නිසා මෙය ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් බවයි.