ආපදා රාජකාරි කළ රජයේ නිලධාරීන්ට දෙන දීමනා ගැන නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

Report

ආරක්ෂක අමාත්‍යාංශය විසින් පසුගිය ආපදා අවස්ථාවන්හිදී රාජකාරී කටයුතුවල නියුතු වූ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ දීමනා ගෙවීම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පැවැති ආපදා අවස්ථාවන් හිදි එම රාජකාරිවල නියුතු වූ නිලධාරීන්හට චක්‍රලේඛයේ සඳහන් අවශ්‍යතා සැපරීම මත මෙම දීමනා ගෙවීම් සිදුකරනු ඇති බවය.

3.1. විස්තීරණ ආපදා පැවතෙන කාලය තුළදී සතියේ දිනවල තම සමාන්‍යය රාජකාරී වේලාවට අමතරව දිනකට පැය 04කට නොඅඩු කාලයක් හදිසි ආපදා රාජකාරීවල යෙදිය යුතු අතර මසකට දින 10ක උපරිමයකට යටත්ව උක්ත 2 හි සඳහන් දීමනා ලබාදිය හැකිය.

ඩොලරය ඉහළට - රුපියල තවදුරටත් වැටෙයි

ඩොලරය ඉහළට - රුපියල තවදුරටත් වැටෙයි

3.2. ඉහත නිලධාරීන් අතුරින් අතිකාල දීමනා හිමි වැටුප් කාණ්ඩවලට අයත් නිලධාරීන් තම සාමාන්‍ය රාජකාරී වේලාව ඉක්මවා පැය 04ට වඩා වැඩි කාලයක් සේවය කරන අවස්ථාවේදී, මෙම දීමනාවට අමතරව එම වැඩිවන පැය ගණන සඳහා මසකට පැය 240ක උපරිමයකට යටත්ව අතිකාල දීමනා ලබාදිය හැකිය.

3.3. විස්තීරණ ආපදා හේතුවෙන් හෝ ප්‍රතිස්ථාපනය කිරීමේ කාර්යයන් හි රජයේ නිවාඩු දිනවලදී හා සතිඅන්ත දින වලදී රාජකාරීවල යෙදෙන මාණ්ඩලික නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා නිවාඩු දින වැටුප් හිමි නිලධාරීන් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 හා කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2025 හි විධිවිධාන වලට යටත්ව වැටුපෙන් 1/30ට සමාන දීමනාවක් ලබා දිය යුතුය. එම දීමනාව ලබා ගැනීමට පැය අටක් සේවය කළ යුතු අතර එකී කාල සීමාවට අමතරව අවම පැය 04ක වැඩිපුර සේවා කාලයක් විස්තීරණ ආපදා අවදානම් රාජකාරී ඉටුකර ඇත්නම්, එකී 1/30 දීමනාවට අමතරව උක්ත අංක 02 හි සඳහන් දීමනාවද ලබා ගත හැකිය. විස්තීරණ ආපදාවෙන් පසුව ආපදා සහන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ හෝ නැවත පදිංචි කිරීමේ කාර්යයන් හි නිවාඩු දින වැටුප් ලබා දීම ආසන්නතම අධීක්ෂණ නිලධාරියා විසින් සමීප අධීක්ෂණයකින් යුතුව නියමිත පරිදි රාජකාරී ඉටු කරවාගෙන ගෙවීම් කිරීමටත්, පවතින ප්‍රතිපාදන වලින් කළමනාකරණය කර ගැනීමටත් කටයුතු කල යුතුය.

පෝර්න් වීඩියෝ බලන්නත් සීමාවක්.. අලුත්ම නීතිය මෙන්න

පෝර්න් වීඩියෝ බලන්නත් සීමාවක්.. අලුත්ම නීතිය මෙන්න

3.4. විස්තීරණ ආපදාවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල රාජකාරියේ නියුතු පරිපාලන ග්‍රාම නිලධාරීවරුන් සඳහා විස්තීරණ ආපදා රාජකාරී වල නියැලෙන කාල සීමාවේදී මසකට දින 10ක උපරිමයකට යටත්ව දිනකට රු.1500 ක අමතර දීමනාවක්ද, ග්‍රාම නිලධාරීවරුන් සඳහා දිනකට රු.1000ක අමතර දිමනාවක් ද රජයේ නිවාඩු දිනවල, සති අන්ත දිනවල හා විවේක දිනවල රාජකාරියේ නිරත වීම වෙනුවෙන් විශේෂ අවස්ථාවක් සේ සලකා ඉහත 2හි දීමනාවන්ට අමතරව ගෙවීම් කල හැකිය.

04. 2025.11.21 දින සිට 2025.12.15 දක්වා වු විස්තීරණ ආපදා අවස්තාවේදී රාජකාරි කටයුතු සිදුකළ නිලධාරීන් සඳහා හා මින් ඉදිරියට ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන විස්තීරණ ආපදා අවස්ථාවන් වලදී රාජකාරී කටයුතු සිදු කරනු ලබන නිලධාරීන් සඳහා ඉහත 3 ඡේදය යටතේ වූ දීමනා ගෙවීම සිදු කල හැකිය.

05. විස්තීරණ ආපදා අවස්ථාවකදී රාජකාරී වල නියැලෙන නිලධාරීන් හට ගෙවිම් කිරීමේදී, ගෙවීම් කරනු ලබන්නේ කා සඳහාද, ගෙවීම් කිරීම සිදු කරනු ලබන උපරිම දින සංඛ්‍යාව හා මෙම දීමනාව හිමි වන විස්තීරණ ආපදාව පැවති ප්‍රදේශ හා කාල සීමාව කාල සීමාවන් පිළිබඳව ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කලින් කල අමාත්‍ය මණ්ඩලය විමසා කටයුතු කල යුතුය.

අපේ රටට අත තියන්න එපා අපි තවත් ඉවසන්නෑ - සාම සාකච්ඡා ප්‍රතිකේෂ්ප කරමින් ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්

අපේ රටට අත තියන්න එපා අපි තවත් ඉවසන්නෑ - සාම සාකච්ඡා ප්‍රතිකේෂ්ප කරමින් ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්

06. ආපදාවට ලක්වූ ග්‍රාම නිලධාරී වසම් වලට විස්තීරණ ආපදා රාජකාරී වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් / ප්‍රාදේශීය ලේකම් විසින් අදාළ කාලසිමාව තුළදී අනුයුක්ත කරන ලද හා/හෝ වැඩ බලන වෙනත් ග්‍රාම නිලධාරී වසම් භාර ග්‍රාම නිලධාරීවරුන් සඳහා ඉහත අංක 2 හා 3.5 හි සඳහන් දීමනා හිමි වේ.

07. ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ආයතන ප්‍රධානීන්, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් හා හෝ ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් විස්තීරණ ආපදා කාලය තුළ ආපදා රාජකාරී සඳහා යම් නිලධරයකු යොදවා ඇත්නම් ඉහත අංක 2 හි දිමනාව ගෙවීම සිදුකල හැකිය.

08. ආපදා අවස්ථා වලදී විස්තීරණ ආපදා රාජකාරී සිදුකරන ලද නිලධාරින් වෙත මෙම දීමනාව ගෙවීමේ දී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මාණ්ඩලික නිලධාරින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරින් වෙත ගෙවීම් අනුමත කිරීමේ බලය පැවරේ.

09. දේපළ හානි තක්සේරු කටයුතුවල නිරතවන දේපළ හානි තක්සේරු කමිටුවේ සාමාජිකයින් වෙත දැනටමත් රුපියල් සියයක (රු.100/-) දීමනාවක් ලබා දෙන බැවින් එම නිලධාරීන් විසින් දේපළ හානි තක්සේරු කිරීමේ කාර්යය සඳහා යොදවන කාලය මෙම දීමනාව ලබා ගැනීමට ගණනය නොකල යුතුය.

ඉරාන යුධ රහසක් එළියට - හතර වටේට පහර දෙන ප්‍රබල අවියක් ගැන සියල්ල එළියට

ඉරාන යුධ රහසක් එළියට - හතර වටේට පහර දෙන ප්‍රබල අවියක් ගැන සියල්ල එළියට

10. ඉහත සඳහන් උපදෙස් අනුව මෙම දීමනාව ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ සමඟ අමුණා ඇති ආකෘතිය මඟින් එක් එක් ආපදාවන් සඳහා වෙන් වෙන් වශයෙන් ඉල්ලුම් කරන මෙන් කාරුණිකව දන්වන අතර ගෙවීම් කිරීමේ දී ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා පවතින නිතිරීතිවලට අනුකූලව ගෙවීම් කටයුතු කරන ලෙසටත් රාජකාරි කටයුතුවල නිරත වූ නිලධාරින් හට ගෙවීම් කිරීමේදී, එම නිලධාරින් අදාළ කාලසිමාවේදී මුදවාගැනිම්, ආපදා සහන හා පුනරුත්ථාපන රාජකාරී කටයුතුවල ඵලදායී ලෙස නිරත වූ බවට සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවීම් කටයුතු කරන ලෙසටත් වැඩිදුරටත් දන්වමි.