අපි යම් යුදමය තත්ත්වයකට වැටිලා - සුනිල් වටගල
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ බරපතල අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය හැකිය.
ඔහුගේ ප්‍රකාශයේ ප්‍රධාන කොටස් මෙසේය;
“අපි අකමැති තත්ත්වයක් ඇතුළේ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇත. මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බිහිසුණු ක්‍රියාවලියක් දෙස බලා සිටින පිරිසක් බවට අප පත්ව ඇත. කවුරුන්, කෙලෙස වින්දිතයන් බවට පත්වේද යන්න පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.”
ඔහු මෙහිදී ගාලු මුහුදු සීමාවේදී අනතුරට පත් අයිරිෂ් ඩෙනා නෞකාවේ සිද්ධිය උදාහරණයක් ලෙස ගෙනහැර පෙන්වා ඇත. එම සිදුවීම රටේ ආරක්ෂක තත්ත්වයේ බරපතලකම පෙන්නුම් කරන බව ඔහු අවධාරණය කළේය.
වැඩිදුරටත් කියා සිටියේ;
“කරාපිටිය රෝහලට හදිසියේ භාර ගන්නට සිදුවූ වගකීම වැනි වගකීම් කවදා කොහොම කොයි ආකාරයෙන් තව කාට භාරගන්නට සිදුවේදැයි අපිට අනුමාන කිරීමට හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් අපේ රටේ ජන ජීවිතයට කළ හැකි බලපෑම අපිට කල්තියා අනුමාන කරන්න බැහැ. සැතපුම් දහස් ගණනක් ඈත තියෙන කරාපිටිය රෝහලත් මේ යුද්ධයේ දී මෘත ශරීරවලින් පිරී යන්න ගතවුණේ දවසයි. ඒ නිසයි අපි සූදානම් විය යුත්තේ. ඒ නිසයි අපි පූර්ව ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුත්තේ. හදිසි නීතිය පැනවීමෙන් අපිට අයන් ඩෝම් එකක් ලැබෙන්නේ නැහැ. හැකි පමණින් සූදානම්වීමට අවස්ථාව සැලසෙනවා.”