ජපාන යුද නැවක සාමාජිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට
ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” (DD-111 ඔනමි) නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වීම හේතුවෙන්, ඔහු කොළඹට ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව මානුෂීය මෙහෙයුමක් සිදු කර ඇත.
කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් බටහිර මුහුදේ යාත්‍රා කරමින් සිටි මෙම නෞකාවේ සේවයේ නිරත වූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හදිසි රෝගී තත්ත්වයක් ඇති වී ඇති බවත්, ඔහුට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය බවත් හේතුවෙන් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හරහා ඉල්ලීමක් ලැබී තිබුණි.
ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කළේය. එම රෝගියා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු කඩිනමින් කොළඹ වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
එමගින් ඔහු වැඩිදුර විශේෂ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර ඇති බව නාවික හමුදාව නිල වශයෙන් සඳහන් කර ඇත.