ට්‍රම්ප් ගේ ආධාරකරුවන් සිය බලය අතට ගනී..නොසංසුන් තත්ත්වයක් මැද වෙඩි තැබීම්.

Trump
By Thaya Jan 07, 2021 10:28 PM GMT
Thaya

Thaya

Report

අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ පිහිටි වොෂින්ටන් DC ප්‍රදේශයට හදීසි වසා දැමීමකට ලක් කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් අයුතු ලෙස ඇතුල්වීම හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන්.

ඉකුත්දා පැවති ජනාධිපතිවරණයෙන් තේරීපත්වූ ජෝ බයිඩ්න් ගේ ජයග්‍රහණය කොංග්‍රස් මණ්ඩලය හමුවේ තහවුරු කිරිම ඊයේ දිනයේ දී නියමිතව තිබුණා.

ඊට විරෝධය පළ කරමින් රැස්ව සිටි දහස් සංඛ්‍යාත ට්‍රම්ප් ආධාරකරුවන් කොංග්‍රස් මණ්ඩලය රැස්වන ගොඩනැගිල්ල ආක්‍රමණය කිරිමත් සමග එහි ආරක්ෂාව තහවුරු කිරිමට ජාතික ආරක්ෂක බලමුළු කැඳවීම ද සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රැස්ව සිටි කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන යාමට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබු අතර ට්‍රම්ප් ගේ ආධාරකරුවන් පැය 03 කට ආසන්න කාලයක් ගොඩනැගිල්ලේ පාලනය ඔවුන් අතට ගෙන තිබුණා.

ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වෙඩි වැදීමෙන් එක් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇතිවූ තත්ත්වය ලොවපුරා රාජ්‍ය නායකයින්ගේ දැඩි දෝෂදර්ශණයට ලක්ව තිබෙනවා.



GalleryGalleryGalleryGalleryGallery