සෙට්ටිකුලමේ දී හමුදාවට වෙඩි ප්‍රහාරයක්..ආයුධ සන්නද්ධ පිරිසක් පලායයි.
Terrorists
By Thaya
වවුනියාව – සෙට්ටිකුලම කැළෑබද ප්‍රදේශයකදී විල්පත්තු කැළය ආශ්‍රිත ක්‍රියාන්විත රාජකාරියේ නිරත හමුදා භට කණ්ඩායමක් සහ ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
22 කුගෙන් සමන්විත අදාළ හමුදා භට කණ්ඩායම වෙත ඊයේ(02) රාත්‍රියේ ආයුධ සන්නද්ධව සිටි තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුව වවුනියාව රෝහලට මාරුකර යවා තිබේ.
ආයුධ සන්නද්ධව සිටි සෙසු පුද්ගලයින් දෙදෙනා පලාගොස් ඇති අතර, ඔවුන් සොයා සෙට්ටිකුලම පොලීසිය විමර්ශන සිදු කරන බව වාර්තා වේ.