රුක් රෝපණ වැඩ සටහන් දුම්රිය ස්ථානවලත් ..
ජාත්‍යන්තර ප්‍රවාහන දිනය මූලික කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය එක්ව පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව දිවයින පුරා සියලුම දුම්රිය ස්ථාන ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් අද දිනයේ ක්‍රියාත්මක කොට තිබිණ.
එහි සමාරම්භක උළෙල ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා සහභාගිත්වයෙන් සිදු වූ අතර , දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ප්‍රවාහන උප දෙපාර්තමේන්තු ප්‍රධානී ,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( ගමනාගමන ) ගාමිණී සෙනවිරත්න , ප්‍රධාන ඉංජිනේරු ( සංඥා හා විදුලි ) ජයසුන්දර යන මහත්වරු ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ. රාජකාරියෙන් ඔබ්බට සමාජ වගකීම නිතැතින්ම ඉටු කරන දුම්රිය ස්ථානාධිපතිවරු රටපුරා මෙම කාර්තව්‍ය සාර්ථක කිරීම වෙනුවෙන් පැලයක් සිටුවමින් දායකත්වය දැක්වුහ.
