පළාතේ දිස්ත්‍රික්ක අතර සංචරන සීමා පැනවීමට ආණ්ඩුකාරවරියකගෙන් උපදෙස්

anuradha yahampath travel restriction weston province covid19 sprending
By Sewvandhi May 10, 2021 12:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.

උපුටා ගැනීම.....

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

ඊට අමතරව පළාතේ සියලු නගරවල වෙළඳසැල් පස්වරු හයෙන් පසුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද ආණ්ඩුකාරවරිය මෙහිදී ඉල්ලීම් කර තිබේ.

මේ අතර සවස හයෙන් පසු අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට ජනතාව නගර වලට ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ලබාදී තිබේ.

දිස්ත්‍රික් මායිම් අතර මාර්ග බාධක යොදා ගනිමින් ජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now