පවතින සංචරණ සීමා ඉවත්කිරීමට ක්‍රමෝපායක්

covid19 isolated quarantine hemantha herath travel restriction
By Sewvandhi Jun 17, 2021 09:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පනවා ඇති සංචරණ සීමාවලින් ඉවත්වීමට අදාළ ක්‍රමෝපායක් සකස් කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව සඳහන් කළේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදීය.

"සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේදී සංචරණ සීමාවලින් ඉවත්වීමට ක්‍රමෝපායක් සකස් කරන්න පියවර අරගෙන තියෙනවා. ඒක ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. එහිදීත් අපි බලාපොරොත්තුවන්නේ නීතියෙන් කරනවාට වඩා ජනතාව මේකෙ වගකීම භාරගෙන අපි විසින්ම අපේ සංචරණ සීමා ආරක්ෂා කරගැනීම. එහෙම නැතුව මුර කිරීමේ ක්‍රියාවලිය මේකට සාර්ථක වන්නේ නෑ. ඒ වගේම මුර කිරීමේ ක්‍රියාවලියේ බර වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න එපා. අනෙකුත් ආයතන මේකෙ වගකීම භාරගත යුතුයි. දෝෂ දර්ශන පමණක් සෞඛ්‍ය සේවයට එල්ල වුණොත් සෞඛ්‍ය සේවකයින් මේ දක්වා කරපු කැපකිරීම්වලටත් ඒක හොඳ නෑ."

මේ අතර රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now