සංචරණ සීමා දීර්ඝ කිරීම අවසන් තීන්දුව එන සතියේ…

isolated sri lanka Traval restrictions
By Sithumi May 22, 2021 05:19 PM GMT
Sithumi

Sithumi

Report

28 වන සිකුරාදා දින දක්වා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න වත්මන් කොරෝනා වර්ධනයේ තත්වය සලකමින් තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉකුත් සිකුරාදා සිට රට පුරාම දැඩි සංචරණ සීමා පනවා ඇති අතර 25 වැනි දා උදේ හතරට එය ඉවත් කර නැවත රාත‍්‍රී 11ට පැනවීමටද ඉන්පසු 28 වන දා අලුයම 04ට නැවත එකක් කිරීමට ද රජය දැනට ප්‍රකාශයට පත්කර ඇත. රටපුරා කොරෝනා රෝගීන් සීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන නිසා මෙම සංචරන සීමා කොරෝනා නැවත සලකා බැලීමට නියමිත බව එකී ප්‍රකාශකයා සඳහන් කළේය. සෞඛ්‍ය අංශ විසින් ඉල්ලා ඇත්තේ සති දෙක කාලයක්වත් රට වසා දැමීම සුදුසු බවය.

මේ අතර කොරෝනා නිව්මෝනියා තත්ත්වයට පත්වූ රෝගීන් දහසකට අධික පිරිසක් රට පුරා රෝහල්වල ප්‍රතිකාර කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.