දුම්රිය ධාවනය අද සිට 17 දක්වා කටුනායකට පමණයි

Trains
By Thaya Jan 15, 2021 11:39 AM GMT
Report

පුත්තලම් දුම්රිය මාර්ග නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (14) සිට ලබන 17 දින මධ්‍ය රාත්‍රිය දක්වා දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට කටුනායක දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි..

මේ වනවිට පුත්තලම් දුම්රිය මාර්ගයේ රාගම සිට කුරණ දුම්රිය ස්ථානය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කොට තිබේ. කුරණ දුම්රිය ස්ථානයේ සිට මීගමුව දුම්රිය ස්ථානය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කිරිමේ කටයුතු සිදු කරන බැවින් අද සිට 17 වන දින මධ්‍ය රාත්‍රිය දක්වා දුම්රිය ධාවනය කටුනායක දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

නමුත් 18 සදුදා දිනයේ සිට පුත්තලම් දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියයන් සුපුරුදු පරිදි ධාවනය වන බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.

Gallery