දුම්රියේ යන අයට සුබ ආරංචියක්

colombo kandy puttalam mahava halavatha
By Sewvandhi May 12, 2021 12:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කෙරුණ ද, හෙට දිනයේ සිට අමතර දුම්රිය 5 ක් ධාවනය සඳහා යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උප දුම්රිය ස්ථාන හැර ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණක් නතර කෙරෙන මෙම දුම්රියවල ගමන් කරන පුද්ගලයන් තම අනන්‍යතාවය රාජකාරී හැඳුනුම්පත හා ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් සහතිකය තහවුරු කළ යුතුයි.

ඒ අනුව, පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහව සිට කොළඹ කොටුව, හලාවත සිට කොළඹ කොටුව, බෝලවත්ත සිට පුත්තලම අතර මෙන්ම බෙලිඅත්ත සිට මරදාන දක්වා අමතර දුම්රිය 5 ක් යොදවා තිබෙනවා.

එමෙන්ම, පස්වරු කාලයේ මෙම දුම්රිය පැමිණි ගමනාන්ත දක්වා නැවත ගමන් කරන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කළේ.

දුම්රියේ යන අයට සුබ ආරංචියක් | Train Schedule Sri Lanka


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now