නිදහස් දින පෙරහුරු පෙළපාලි හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරේ
ලබන 04 වැනිදා කොළඹදී පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරු පෙළපාලි හේතුවෙන් සෙනසුරාදා සිට දින 05 ක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සෙනසුරාදා සිට පෙබරවාරි 03 වැනිදා දක්වා අදාළ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කරන බවයි.මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඒ අනුව බොරැල්ලේ සිට නෙළුම් පොකුණ වටරවුම දක්වා මාර්ගය වසා දැමෙන අතර, ඒ වෙනුවට බොරැල්ලේ සිට පැමිණෙන වාහන හෝර්ටන් පෙදෙස හරහා විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන් කර පුරහල, යුනියන් පෙදෙස හරහා ගමන් කළ හැකි වනවා.කොළඹ සිට බොරැල්ල දෙසට ගමන් කරන වාහනවලටද අදාළ මාර්ගය භාවිත කළ හැකියි.
කෙසේ වෙතත්, ගාලු පාර සහ බෞද්ධාලෝක මාවතේ රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.