වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති සංචාරක ස්ථාන වසා දැමේ

Tourism covid 19 tourists sri lanaka
By Sithumi May 07, 2021 10:52 AM GMT
Sithumi

Sithumi

Report

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන සංචාරකයින් හට විවෘත සියලුම සංචාරක ගමනාන්ත, උද්‍යාන, කඳවුරු භූමි සහ සියලු සංචාරක බංගලා වසා දැමීමට තීරණය කර තිබේ.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙන තුරු අදාළ ස්ථාන සංචාරකයින් සඳහා විවෘත නොකරන බවය. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලු සංචාරක නිවාස, වන නිවහන් පසුගිය 5වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ද පියවර ගනු ලැබීය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now