රක්ෂිත හා වනජීවි කළාප වල සංචාරක ආකර්ෂණීය ස්ථාන....?

Tourist
By Thaya Jan 31, 2021 05:59 PM GMT
Thaya

Thaya

Report

රක්ෂිත හා වනජීවි කළාප වල සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනයේදි පරිසර පද්ධතිය ආරක්ෂාවන ලෙස කටයුතු කරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.

පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය යනු පරිසරය ආරක්ෂා කරමින් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මිස පරිසරයට හානි වන අයුරින් කටයුතු කිරීම නොවන බවද ඇමතිවරයා අවධාරණය කරයි.

පසුගිය සිකුරාදා (29) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති කළුතර දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු සංවර්ධන රැස්වීමේදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ජීවනෝපාය සංවර්ධන කමිටු වැඩ පිලිවෙල ක්‍රියාත්මක වෙයි.

ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේ කළුතර දිස්ත්‍රික්කයේ නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 133 ක් හදුනාගෙන ඇති බවයි. ඉන් බොහෝමයක් පිහිටා ඇත්තේ වන ජීවී හා වන සංරක්ෂණ කළාප ආශ්‍රිතවයි .දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස මෙම ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.සංචාරක හෝ මොනයම් කර්මාන්තයක් ප්‍රවර්ධනයට කටයුතු කලද වනජීවී හා වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව කටයුතු කිරීමේදි ඒවායේ පරිසර පද්ධතියට කිසිදු හානියක් සිදු නොවිය යුතු බවද ඇමතිවරයා මෙහිදි අවධාරණය කලේය එබැවින් එවැනි ස්ථාන ප්‍රවර්ධනය කිරීමේදි වනජීවී අමාත්‍යාංශය හා ඒකාබද්ධ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ඇමතිවරයා අවධාරණය කලේය.

කළුතර දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 30 ක් මේ වසර තුළ වෙන් කර තිබේ. කළුතර දුම්රිය ස්ථානය සංවර්ධනය, මාකෙලිය හා තුම්මෝදර ඇල්ල ආශ්‍රිත සංචාරක ආකර්ෂනය ප්‍රවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය මේ යටතේ සිදු කෙරෙන බවද ඇමතිවරයා කිවේය.

වලල්ලාවිට යගිරල රක්ෂිතය හා කළුගල රක්ෂිතය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කෙරේ මීගම, මගුර කඩොලාන ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්ද ආරම්භ කිරීමට අපෙක්ෂිතයි .