බැසිල්ට ඉහලම තනතුරක්....රාගම ගුරුගෙන් අනාවැකියක්....

basil ragama guru
By Thaya Dec 25, 2020 11:27 AM GMT
Report

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2023 වසරේ දී මෙරට ඉහළම තනතුරකට පත් වන බව රාගම ගුරු නම් ජ්‍යොතිර්වේදියා සඳහන් කරයි.

ප‍්‍රකට අන්තර්ජාලය නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කිසිවෙකු නොසිතු කාලයක ඔහු ජනාධිපති වන්නේ යයි තමා අනාවැකියක් පළ කළ බවද ඔහු එහිදී සඳහන් කරයි.

ඒ ආකාරයෙන්ම මෙවර ද මෙම අනාවැකිය සාර්ථක වනු ඇතැයිද පවසන ඔහු තම අනාවැකිය වැරදුනොත් තමන්ගේ සියළු ජ්‍යොතිෂ කටයුතු අත්හරින බවත් කියා සිටී.