හදිසි ලැබීමකට හිමිකම් ඇති මේ අයට අද උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්
🔴 මේෂ
ලග්නය පැරැණි හිතවත්කමක් අලුත් කරයි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුකරයි. අමතර වියදම් බහුල කරන දිනයකි.
🔴 වෘෂභ
ලග්නය සෙම් රෝග, හිසේ ආබාධ ආදියෙන් පීඩාගෙන දෙන දිනයකි. වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.
🔴 මිථුන
ලග්නය හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ගැටලුවකින් නිදහස සැලසේ.
🔴 කටක
ලග්නය සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තරමක කලබලකාරී ගතිපැවැතුම් ඇති කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට හැකි වේ.
🔴 සිංහ
ලග්නය අසල්වැසි සුහදතාවයට කරුණු ඇති කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
🔴 කන්‍යා
ලග්නය ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතයි. ලැබීම් සහිතයි.
🔴 තුලා
ලග්නය අලුත් බලාපොරොත්තු ඇති කරයි. අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. සුළු සුළු ස්වයං රැකියාවලට යොමු වෙයි.
🔴 වෘශ්චික
ලග්නය විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.
🔴 ධනු
ලග්නය විනෝදයට අලංකාරයට යොමු වේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.
🔴 මකර
ලග්නය ගුප්ත අංශයට යොමු වේ. පවුලේ වගකීම් වැඩි කරයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි.
🔴 කුම්භ
ලග්නය ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ඥාති උපකාරයක් හිමි කරයි. දතක ආබාධයකට ප්‍රතිකාර පතයි.
🔴 මීන
ලග්නය හදිසි ගනුදෙනුවක් සිදු කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරයි. අලුත් හිතවත්කම්වලට කරුණු සැලසෙන දිනයකි