අද දෙවන වතාවට අති විශාල ප්‍රමාණයක්. දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1000 ට ආසන්න වේ

Covid-19
By Thaya Jan 30, 2021 05:56 PM GMT
Report

අද (28) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 501ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 852ක් වේ.

ඒ අනුව, මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 61,586ක් දක්වා ඉහළ ගොස් තිබේ