හදිස්සියේ තිස්සමහාරාමයේ පාසල් වෑන් සහ බස් රථ පරීක්ෂා කරයි - හේතුව මෙන්න
තිස්සමහාරාම පොලීසිය පවසන පරිදි, තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන පාසල් බස් රථ සහ වෑන් රථ අතුරින්, ධාවනයට නුසුදුසු පාසල් බස් රථ 23ක් හා වෑන් රථ 3කට තහනම් නියෝග ලබා දී තිබේ.
ඒ අනුව අදාළ වෑන් රථ සහ බස් රථ දෙබරවැව ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටට ගෙන්වා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ සඳහා රථ වාහන පරීක්ෂකවරුන් ද සහභාගී වී ඇත.
කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන පරිදි මෙහිදී රථවාහන 29ක් පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 26ක්ම ධාවනයට නුසුදුසු තත්ත්වයක පැවති වාහන බව අනාවරණය වී ඇත.
මෙම රථ වාහන නැවතත් ධාවනයට සුදුසු පරිදි සකසා, රථ වාහන පරීක්ෂකවරයෙකු ලවා පරීක්ෂා කර ඉන් සමත් වුවහොත් පමණක් නැවත ධාවනයට එක් කිරීමට ඉඩ ලබාදෙන බවද පොලීසිය අවසානයේ පැවසීය.