සා.පෙළ ලියන සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ අයගෙ ප්‍රතිඵල නිකුත් කරන්නේ විමර්ශනයකින් පස්සේ
හෙට (17) ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභහගය පැවැත්වෙන අතර විභාගයට පෙනී සිටීම සඳහා අනන්‍යතා පත්‍ර ලෙස ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු විදෙස් ගමන් බලපත්‍රය යොදාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කරයි.
විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කරන ආකාරයට යම් විභාග අපේක්ෂකයෙකුට එම අනන්‍යතා පත්‍ර නොමැති අවස්ථාවක, පාසල් අපේක්ෂකයෙකු නම් විදුහල්පතිවරයා මඟින් සහතික කරන ලද ඡායාරූප දෙකක් තාවකාලික හැඳුනුම්පතක් ලෙස විභාගයට පෙනී සිටීමට යොදාගත හැකි වේ.
අනන්‍යතා පත්‍ර නොමැති පෞද්ගලික අපේක්ෂකයෙකුට, ඡායාරූප දෙකක් ග්‍රාම නිලධාරීවරයා ලවා සහතික කරගෙන තාවකාලික හැඳුනුම්පතක් ලෙස විභාගයට පෙනී සිටීම සඳහා යොදාගැනීමට අවසර දී ඇති බව ඇය ප්‍රකාශ කළේය.
නමුත් මෙලෙස තවකාලික හැඳුනුම්පත් ඉදිරිපත් කර විභාගයට පෙනී සිටින අපේක්ෂනයින්ට ඔවුගේ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ඔවුන්ව විභාග දෙපාර්තමේන්තුවට කැඳවා පවත්වන විමර්ශනයකින් අනතුරුව ප්‍රතිඵල නිකුත් කිරීම සිදුකරන කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කරයි.
එමෙන්ම හෙට (17) උදෑසන 8.30ට විභාග ආරම්භ වීමට නියමිත අතර, විභාග ආරම්භයට පැයකට පෙර විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යා යුතු අතර, සවස් වරුවේ විභාගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් දහවල් 12.30 වන විට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවද විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කරයි.