ජනපති අනුරගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ වන විට වසර 26 ක කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරනු ලබයි.