ආණ්ඩුව මැතිවරණ පොරොන්දු කඩලා සජිත්ගෙන් චෝදනා
By Kanchana
දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු 13.56% කින් වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කර තිබේ.
එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදුලි මිල 33% කින් අඩු කරන බවට මැතිවරණ අවධියේ දී දුන් පොරොන්දුවකට පටහැනි බව එතුමා සදහන් කරයි.
තවද මෙම යෝජිත සංශෝධනය මහජනතාවට දුන් පොරොන්දුව “නැවත වරක් සෘජුවම උල්ලංඝනය කිරීමක්” බවත් විපක්ෂ නායක වරයා සදහන් කර ඇත .
ඒ වගේම රජය තම කැපවීම ඉටු කරන්නේ කවදාදැයි යන්න ප්‍රශ්න කර තිබේ විපක්ෂ නායාක වරයා රජයෙන් ඉල්ලා සිටියේය විදුලිය මිලකරණය පිළිබඳ තම ස්ථාවරය පැහැදිලි කරන ලෙසයි.
තවද මැතිවරණ ව්‍යාපාරයේදී දුන් පොරොන්දුවට ගරු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.