කොටියෙකු මරා මස් කෙරූ අයට සිදු වූ දේ(PHOTOS)

Whatsapp nuwara eliya tiger killed nalla thanniya valapane
By Sewvandhi Jun 28, 2021 11:10 AM GMT
Report

මන්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කළ සැකකරුවන් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් (27) දින සැකපිට අත්අඩංගුවට ගෙන (28) දින නුවරඑලිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂයක පුද්ගලික ශරිර ඇප මත සැකකරුවන් තිදෙනා මුදා හැර යලිත් මෙම නඩුව 2021.09.07 දින කැදවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා. සැකකරුවන් තිදෙනා (23) දින වලපනේ මුර්ඔය තේ වත්තේ මන්දක් අටවා, තේ වත්තේ සැරිසරන අවු 04 පමණ වයසැති හොදින් වැඩුණු පිරිමි කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කර තිබෙනවා.

ඝාතනය කරන ලද කොටියාගේ ඡායාරුපයක් එක් සැකකරුවෙකු විසින් එම වතු යායේ ඔහුගේ මිතුරෙකුට WhatsApp මගින් යොමු කර තිබියදි එම ඡායාරුපයක් තමන් වෙත ලැබුණු බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාල‍යේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනොගෙන් ප්‍රශ්න කිරිමේදි ඝාතනය කළ කොටියාගේ සම සැකකරු භාරයේ තිබු එම වතු යායේ නිවසක වේලිමට දමා තිබියදි සොයාගත් බවත්, ඝාතනය කල කොටියාගෙන් ගලවා ගත් දත් කිහිපයක් සහ සම තමන් භාරයට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGallery