දිවයින පුරා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට තුන් අවුරුදු සැලසුමක් ...
දිවයින පුරා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට තුන් අවුරුදු ක්‍රියාකාරී සැලස්මක් සැකසේ. ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ ජාතික වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව දිවයින පුරා සෑම ග්‍රාමසේවා වසකම පවතින පාසල්, ග්‍රාමීය රෝහල්, ක්‍රීඩා පිටි හා බහු කාර්ය ගොඩනැගිලි මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන හා ක්‍රීඩා හා තරුණ ක්ෂේ ත්‍රයන්ට අදාළ පහසුකම් පුළුල් කිරිමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පැවැත්වෙන ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ අද (16) පැවති ගම්පහ දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් කමිටු රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු 1032 ක් පවතින බව අනාවරණය විය. අවසන්වරට බස්නාහිර පළාත් සභාව මගින් පැවැත් වූ ගුරු විභාගයෙන් සමත් වූවන් මෙම ගුරු පුරප්පාඩු සදහා බදවා ගැනීමට පියවර ගන්නා ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි උපදෙස් දුන්නේය. පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය කීවේ ඒ සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. දිවයින පුරා පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීමට ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ඇමති නාමල් රාජපක්ෂ මහතා කීවේය. ඔහු පෙන්වා දුන්නේ ඒ අනුව ඉදිරියේදී ගුරු පුරප්පාඩු වලට විසදුම් ලැබෙන බවයි. දැනට ක්‍රියාත්මක නොවන පළාත් සභා ව්‍යුහ කමිටු නැවත ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී තීරණය කෙරිණි. පාසල් වල අඩක් නිම කර ඇති ගොඩනැගිලි නිම කිරීම හා අළුත්වැඩියා කිරීම සදහා රුපියල් මිලියන 109.6 ක් වෙන් කර තිබේ. පාසල්වල වැසිකිළි, කැසිකිළි අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කිරීමට ද අපේක්ෂිතයි. දිස්ත්‍රික්කය පුරා වෘත්තීය පුහුණු වැඩසටහන් විධිමත් කෙරේ. ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මෙම කමිටුවේ දී තීරණය කෙරිණ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය යටිතල පහසුකම් නැංවීම සදහා රුපියල් මිලියන 684 ක් වෙන් කිරීමට නියමිතයි. මේ යටතේ දිස්ත්‍රික්කය පුරා ඇති ළමා හා මාතෘ සායන සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට ද අපේක්ෂිතයි. දිස්ත්‍රික්කයේ ඇති ළමා හා මාතෘ සායන සංඛ්‍යාව 106 කි. රාගම රෝහලේ පවතින ගැටළු කඩිනමින් විසදීමට ද මෙහි දී තීරණය කෙරිණ. ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 08කට අවශ්‍ය වෛද්‍යවරුන් නොමැති බැවින් ඒ සදහා අවශ්‍ය වෛද්‍යවරුන් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියේ ය.