ත්‍රීරෝද රථයක් තුළ සැකකටයුතු මළ සිරුරක්
ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රියේ සොයාගෙන ඇත.
ඒ මහරගම පොලිස් වසමේ ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේදීය.
මහරගම පොලීසියට ලද තොරතුරක් මෙම මළ සිරුර හමුව තිබේ.
පොලීසිය විසින් සදහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක පුද්ගලයෙකු බවයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
මෙම මරණය ඝාතනයක්ද යන්න මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි .