කාලගුණෙන් උතුරු නැගෙනහිර ජනතාවට අනතුරු ඇඟවීමක්
අද (22) සිට ශ්‍රී ලංකාවේ වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද ප.ව. 1.00ට පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් තැන්වල මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති විය හැකි බව දන්වා සිටින ලදී.
ඊට අමතරව සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක් ද ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළඟ සහ අකුණු නිසා ඇති විය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පූර්ව සැලසුම් සහ පරිස්සම් කිරීම් කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.