නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

Report

ලබන වසරේ සිට (2026) නීතිඥවරුන්ට අධිකරණයට නඩු මාර්ගගත ක්‍රමයෙන් ((e-Filing)) ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊ-නඩු ගොනු කිරීමේ පද්ධතිය (e-Filing System) 2026 වසරේ සිට අදියරෙන් අදියර ක්‍රියාත්මක කෙරෙන බවයි. මුල් අදියරේදීම නීතිඥවරුන්ට සහ ලියාපදිංචි නීතිඥ සමාගම්වලට මාර්ගගතව නඩු ගොනු කිරීමේ පහසුකම ලැබෙනු ඇත.

ආණ්ඩුව මහින්දගෙන් සමාව ගත යුතුයි - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ආණ්ඩුව මහින්දගෙන් සමාව ගත යුතුයි - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ඒ අනුව:

  • නඩු ගොනු කිරීම, ලේඛන ඉදිරිපත් කිරීම සහ අනෙකුත් අධිකරණ කටයුතු ඩිජිටල්ව සිදුකිරීමට හැකි වේ.
  • නඩු කළමනාකරණ පද්ධතියක් (Case Management System) ද ක්‍රියාත්මක වන බැවින් අධිකරණ ක්‍රියාවලිය වේගවත්, වඩාත් කාර්යක්ෂම හා තාක්ෂණිකව උසස් මට්ටමකට ඔසවා තැබෙනු ඇත.
  • මෙමගින් නීති වෘත්තිකයන්ගේ මෙන්ම මහජනතාවගේ කාලය හා මුදල් ඉතිරි කිරීමට ද බලාපොරොත්තු වෙයි.

ඉදිරියේදී දිවයිනේ සියලුම ප්‍රධාන අධිකරණ කාර්යාලවලට මෙම ඊ-ෆයිලිං පද්ධතිය ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.

අද දවසේ මේ ලග්නවලට සුබම සුබයි අතමිට සරු වෙලා වස්තුව උතුරයි

අද දවසේ මේ ලග්නවලට සුබම සුබයි අතමිට සරු වෙලා වස්තුව උතුරයි