කොළඹ අමුතු ආකාරයේ මංකොල්ලයේ යෙදෙන ත්‍රිරෝද රථ රියදුරන්
ආයතා ලෙස මුදල් අය කරන ත්‍රිරෝද රථ රියදුරන්ත්‍රිරෝද රථ රියදුරන් මේවනවිට මගී ජනතාවගෙන් අවිධිමත් ලෙස මුදල් අය කර ගන්නා බව මේ දිනවල වාර්ථා වෙමින් තිබෙනවා.මෙම තත්ත්වය පසුගිය කාලවල කොළඹ නගරයේ බහුලව දැකීමට හැකිවී තිබුනා. .උබර් සහ පික්මි වැනි ශ්‍රිලංකාවේ බලයලත් මගී සේවා සපයන ආයතන රජයේ අනුමත ගාස්තු අනුව අයකිරීම් කරන අතර මෙම ආයතන රීතිවලට අනුගත නොවන යම් ත්‍රිරෝද රථ රියදුරන් ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග බාගත කරමින් එය එම රියදුරන්ට අවශ්‍ය ආකාරයට මිල ගණන් ඇතුලත් කරමි යතා අන්දමින් මගී ජනතාවගෙන් මුදල් අය කරන බවයි අනාවරණය වී ඇත්තේ.මෙවැනි ගැටලුවකට මුහුණදුන් පුද්ගලයෙකු අපට කියා සිටියේ කොළඹ අලුත් මාවත සිට සිට කොටහේන ප්‍රදේශයට තමන් ත්‍රිරෝද රථයකින් පැමිණි බවත් එහිදී රියදුරු විසින් 110ක මුදලක් අය කල බවයි.
ඉන්පසු තමන් එහිසිය අමාර විදිය ඔස්සේ සුගතදාස ක්‍රීඩාංගනය මාර්ගයෙන් බ්ලුමෙන්ඩල් හරහා අලුත්මාවත දක්වා පැමිණීමේදී රුපියල් 180ක් අය කල යුතුව තිබියදී රුපියල් 270ක් අය කල බවද එම මගියා සඳහන් කර සිටියා. ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඔහුගේ ජංගම දුරකතනයෙන් තිබෙන මෘදුකාන්ගය පෙන්වා 270ක් යැයි පෙන්නුවේය. මා ද නිහඬව පැමිණියෙමි යනුවෙන් ඔහු පැවසුවේය.ශ්‍රී ලංකාවේ බලයලත් ත්‍රිරෝද රථවල ගමන් කිරීම යහපත් බවයි ජනතාව පවසන්නේ.ආර්ථික වශයෙන් ගැටලුවලට මුහුණ දෙන පිරිස මෙලෙස ත්‍රිරෝද රථ ධාවනය කරනු ලබනවා. නමුත් ඔවුන් මෙලෙස අයතා අන්දමට ජනතාවගෙන් මුදල් උපයමින් සිටියි.මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුයි.