පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 128 ක් සමග සැකකරුවන් 03ක් අත්අඩංගුවට...

Police
By Thaya Mar 16, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 128 ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අක්කරෙයිපත්තුව ඔලුවිල් ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුධ හමුදා බුද්ධි නිලධාරින් විසින් ලබාදුන් තොරතුරකට අනුව අක්කරපත්තුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසිනුයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 58 ක් වන ඔලුවිල් සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් වැඩිදුර විමර්ශණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.