කොවිඩ් එන්නතේ ඉතිරිය ලැබෙන කණ්ඩායම් තුන මෙන්න.

Covid-19 Covid Vaccine
By Thaya Feb 11, 2021 02:31 PM GMT
Thaya

Thaya

Report

මෙරටට ලැබී ඇති කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත් තොගයේ ඉතිරි එන්නත් පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලවලට රෝග වැලඳී සිටින අවදානම් සහිත කණ්ඩායම්වලට සහ ආර්ථික වශයෙන් සක්‍රීය දායකත්වයක් ලබාදෙන කණ්ඩායම්වලට ලබාදීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ පහ ප්‍රමුඛතාව අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට ලබාදුන්නේය. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ එන්නත ලබා ගැනීමට නියමිතව සිටි පුද්ගලයන්ගෙන් බොහෝදෙනකු එම එන්නත ලබාගෙන අවසන් බවයි.

තවද දෛනිකව මෙම එන්නත් ලබාගැනීමේ අඩුවක් පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.