මෝල්කාවෙන් මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාර තුනක් අත්අඩංගුවට..

Arrest
By Thaya Feb 03, 2021 01:47 PM GMT
Thaya

Thaya

Report

මතුගම මෝල්කාව ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර තුනක් සහ මත්පැන් අලෙවි කරන මධ්‍යස්ථානයක් වටලා රුපියල් ලක්ෂ දෙකක් (200 000/) වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 04 දෙනෙකු මතුගම සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර 11,000 ,දගර තුනක් ඇතුළු පෙරණ උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

 සැකකරුවන් ඉතා රහසිගතව මත්පැන් නිෂ්පාදනාගාර පවත්වාගෙන ගොස් ඇති අතර නිෂ්පාදිත මත්පැන් සුක්ෂම අයුරින් මතුගම ඇතුළු තදාසන්න ප්‍රදේශවලට රැගෙන ගොස් අලෙවි කරන බවට තොරතුරු හෙලීවි තිබේ. නිීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත සිටි සැකකරුවන් තිදෙනා අවුරුදු 36, 41 සහ 44 යන වයස් වල පසුවන මතුගම මෝල්කාව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන තිබේ.

අදාල සැකකරුවන් ලබන 18 වැනිදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් (11) සහකාර සුරාබදු කොමසාරිස් බී.ඒ දයාරත්න මහතාගේ උප දෙස් මත කළුතර සුරාබදු අධිකාරි රොෂාන් පෙරෙරා මහතාගේ අධීක්ෂණය යටතේ මතුගම සුරාබදු ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක ජගත් සිල්වා, සුරාබදු පරීක්ෂකවරුන් වන පැතුම් ජයසේකර, අනිල් නිශ්ශංක, සුරාබදු සැරයන් 824 රසික කුමාර , කාන්තා සුරාබදු සැරයන් 23 ජයසිංහ , සුරාබදු නියාමකවරුන් වන 1146 සජිත් රන්දික , 1182 දිනේෂ් සිරිවර්ධන ,1196 අරවින්ද රාජපක්ෂ සහ සුරාබදු රියදුරු මදුශාන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

GalleryGallery