මාරක රිය අනතුරකින් තිදෙනෙක් මරුට
රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී යි. එකම දිශාවට ධාවනය වූ ත්‍රී රෝද රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ. මෙම අනතුරින් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය හක්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද (අප්‍රේල් 1) දහවල් 12.30 පමණ නුවරඑළියේ සිට වැලිමඩ දක්වා ගමන් කළ ත්‍රීරෝද රථයක් පිටුපසින් ගමන් කළ ලොරි රථයක් හා එකට ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඇල්ල ඌව කරදගොල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21,51 හා 52 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ලොරි රථයේ රියදුරු ගේ අපරික්ෂාකාරි ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති බව පෙනී යන බවයි.අනතුරෙන් පසු ලොරි රථයේ රියැදුරු පලා ගොස් ඇති අතර ලොරිය අතරේ සහායකයා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි