කොරෝනා එන්නත විද්ද 03ක් මිය ගිහින්...ප්‍රකට වෛද්‍යවරෙයකුගේ සහෝදරියකුත් ඒ අතර.
Covid-19
Corona Vaccine
By Thaya
කොරෝනා පාලනය සදහා මෙරට යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත එන්න කරන ලද පුද්ගලයන් තුන් දෙනෙකු මරණයට පත්වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග අප වෙත පැවසීය. ඔවුන් මියගොස් ඇත්තේ මොලයේ ශිරාවල රුධිරය කැටි ගැසීම හේතුවෙන් බවත් ඔවුන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ද අඩු වී ගොස් ඇති බවත් පරීක්‍ෂණවලදී හෙලිව ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ මියගිය තිදෙනා අතර මෙරට ප්‍රකට වෛද්‍යවරෙයකුගේ සහෝදරියක්ද වන බව ද සඳහන්ය.