ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දහස් ගණනකගේ ගිණුම් අහිමිවීමේ අවදානමක්…

Whatsapp
By Thaya Feb 25, 2021 05:49 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. නව කොන්දේසි ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දහස් ගණනකගේ ගිණුම් අහිමිවීමේ අවදානමක් මැයි 15 වන දින වන විට යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිගන්නේ නැති වට්සැප් පරිශීලකයන් සියල්ලන් හට පණිවිඩ ලැබීමට හෝ යැවීමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කරන බවක් වට්සැප් සමාගමෙන් නිවේදනය කොට ඇත. නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිනොගන්නා පරිශීලකයන් හට සීමිත කෙටි කාලයක් සදහා පමණක් ඇමතුම් සහ දැනුම්දීම් ලබාදීමට කටයුතු කරන බවත් වට්සැප් සමාගම විසින් වැඩිදුරටත් නිවේදනය කොට ඇත.

යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිලි නොගන්නා වට්සැප් පරිශීලකයන්ගේ ගිණුම් ගිණුම් “අක්‍රිය” ලෙස ලැයිස්තු ගත වන අතර අක්‍රීය ලෙස ලැයිස්තු ගත වූ ගිණුම් දින 120කට පසු මකා දැමීමකට ලක්වන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තා වේ. ශ්‍රී ලංකාව තුල ලක්ෂ 70කට අධික වට්සැප් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනුමාන කරන අතර වට්සැප් සමාගම මැයි 15 වනදාට පසුව ලබාගැනීමට යන මෙම තීරණය හේතුවෙන් වට්සැප් නව කොන්දේසි වලට එකග නොවූ දහස් ගණනක් වන ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන්ගේ ගිණුම් අහිමිවීමේ අවදානමෙහි පවතින බව අප සංගමය විශ්වාස කරමු. රජීව් යසිරු කුරුවිටගේ මැතිව්සභාපතිශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය