නිරෝධායන නීති කැඩූ 187 කට වෙච්ච දෙයක්.

Police Colombo Thrinco Western provings those-who-violated-the-quarantine-rules-arres
By Aruna May 02, 2021 02:05 AM GMT
Report

 අද (02) උදෑසන 06න් අවසන් වු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බවය.

බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 12ක සිදුකළ සෝදිසිවල දී නිරෝධායන නීති උල්ලංඝනය කර රථවාහනවල ගමන් ගත් පුද්ගලයන් 250 දෙනෙකුට අවවාද කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa