සියලු දහම් පාසල් අද විවෘත වෙන්නෙ මෙහෙමයි.

Education Religion
By Thaya Jan 17, 2021 08:15 PM GMT
Report

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද (17) ආරම්භ වනවා.

ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහම් පාසල් හි අධ්‍යයන කටයුතු අද ආරම්භ වන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් එම කටයුතු ආරම්භ කරන ලෙස සියලු දහම් පාසල් වෙත දැනුම් දී ඇති බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හා ශ්‍රී ලංකා පොලීසිය සියලු ප්‍රදේශ ආවරණය වනපරිදි අධීක්ෂණ කටයුතු සිදුකරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.