අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග පමණයි..
එක්සත් ජාතික පක්ෂයේ ඉරණම භයානක බවත්, එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග එක්විමෙන් බව ජාතික සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පා.ම තිස්ස අත්තනායක මහතා පැවසිය.
තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (30) දින ගිනිගත්හේන පිටවල ශ්‍රි විජිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති නාවලපිටියේ ඛේමානන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිම සදහා එම විහාරස්ථානයට පැමිණිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
විපක්ෂයේ කාර්ය භාරය අපි උපරිම අයුරින් සිදු කරනවා, තව බොහෝ දෙවල් කල යුතුයි.
රටේ මේ වන විට විශාල ජන පිඩාවක් ඇති වෙලා තියෙනවා, විශ්වාසය කඩ කිරිමක් සිදු වෙනවා, ජනතාවට අභියෝග එල්ල වෙලා තියෙනවා.
ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් තව කටයුතු කරන්න ඕනි , ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමින් ඉන්නවා.
විපක්ෂයේ කාර්ය සාර්ථක කර ගන්න සිවිල් සංවිධාන එකතු කරගැනිමට අපි මේ වන විට වැඩ පිලිවෙලක් දියත් කරමින් ඉන්නවා.
මිලග මැතිවරණය තිරණාත්මක මැතිවරණයක්, එ සදහා සමගි ජල බලවේගය මුලික කරගත් ව්‍යාපාරයකට අපි යන්න වෙනවා.
එ සදහා සමගි ජන සන්ධානය නමින් වැඩ පිලිවෙලක් යොදවලා තියෙනවා.
මේ සදහා අපි මිත්‍ර දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන , මෙතෙක් අපි සමග කටයුතු නොකල දේශපාලන පක්ෂයත් එකතු කරගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අපි දැවැන්ත පෙරමුණක් හදන්න කටයුතු කරමින් ඉන්නවා.
හම්බන්තොට වරාය බදු දිම අපි කිසිසෙත් සාධාරණිකරණය කරන්නේ නැ, ජාතික සම්පත් ආරක්ෂා කරගත යුතුයි.
සමගි ජන බලවේගය නව පක්ෂයක් , අපි පෙර වැරදි නිවැරදි කරන්න ඇවිල්ලා ඉන්නේ.
ජාතික සම්පත් විකිණිමට , බදු දිම , කලමණාකාරිත්වයකට පැවරිමට ජාතික සමගි ජන බලවේගය එකග වෙන්නේ නැ.
අපි කියන්නේ අනාගතයේ එවැනි තත්ත්වයන් ඇති නොවිය යුතුයි කියලා.
ආණ්ඩුව සෞභාග්‍යා දැක්මේ පෙන්වලා තියෙන කාරණයක් තමයි, රජය කිසිදු ආකාරයෙන් ජනතා දේපල විකුණන්නේ නැ කියලා.