පරික්ෂණ නොකර ආසාදිතයින් අඩුයි කියනවා – මෙහෙම ගියොත් රට අනතුරේ

Covid-19
By Thaya Feb 25, 2021 05:53 PM GMT
Report

මෙරටින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩුවී ඇති බව පෙන්වීම සඳහා සදාචාර විරෝධි උත්සහයක රජයේ බළධාරින් නිරත වී සිටින බවට රජයේ වෛද්‍ය නිළධෘරින්ගේ සංගමය චෝදනා කරනවා. කොවිඩ් වසංගතයට අදාල පරික්ෂණ සියල්ල නවතා දමන තත්වයක් අදවනවිට නිරික්ෂණය වන බවත් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලට පමණක් මුල්තැන දෙමින් කටයුතු කිරීම රට අවදානමේ හෙළීමක් බවත් රජයේ වෛද්‍ය නිළධාරනිගේ සංගමය පෙන්වා දෙනවා. මේ එම සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කරුනු පැහැදිලි කළ රජයේ වෛද්‍ය නිළධාරනිගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා.