සටන් විරාමය ලේ වැකි වෙයි - සති දෙකකට පසුත් ලෙබනනයේ 385ක් මරුට

Report

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර සති දෙකකට වැඩි කාලයක් ගත වී තිබුණද, ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 2,679 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ලෙබනනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව, මෙම මරණ වාර්තා වන්නේ පසුගිය මාර්තු 2 වැනිදා සිට ක්‍රියාත්මක වූ ප්‍රහාර මාලාවන්ට අදාළවය.

අප්‍රේල් 17 වැනිදා සටන් විරාමය ක්‍රියාත්මක වන අවස්ථාවේදී මරණ සංඛ්‍යාව 2,294ක් ලෙස සටහන් වී තිබූ අතර, එතැන් සිට මේ දක්වා තවත් 385කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

එමෙන්ම, අද දිනයේද ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ නගර කිහිපයක ජනතාවට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස හදිසි නියෝගයක් නිකුත් කර ඇති බවද වාර්තා කර ඇත.

වෙසල් ලක්ෂ 3යි - රේස් ලක්ෂ 2.5යි.. බදු සෙල්ලම නිසා වාහන මිල අහසට

වෙසල් ලක්ෂ 3යි - රේස් ලක්ෂ 2.5යි.. බදු සෙල්ලම නිසා වාහන මිල අහසට

මහින්දට අල්ලස් කොමිසමෙන් නොතීසි? ඇත්ත කතාව මෙන්න

මහින්දට අල්ලස් කොමිසමෙන් නොතීසි? ඇත්ත කතාව මෙන්න