අගමැතිගේ මතයට විරුද්ධවූ පහල නිලධාරිනියක් කියන කතාව.

Mahinda Gagana
By Thaya Feb 04, 2021 07:47 PM GMT
Thaya

Thaya

Report

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට තමන් ගත් තීරණයට පසුබිම් වූ කාරණා මේ අවස්ථාවේ හෙළි කළ නොහැකි බව ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති එස් කරුණාරත්න මහත්මිය සඳහන් කරන්නීය. ඇය සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත තමන් මෙම ගැසට් පත්‍රය අත හිටවූ බවයි. කෙසේ නමුත් එය පැය කිහිපයක් ඇතුලත අත්හිටුවූ නිසා කිසිවකුට ඉන් බලපෑමක් සිදු නොවූ බවද ඇය පවසයි. ඇය මේ බව කියා සිටියේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් පල කරමින්.

කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශයේ ඉහළම බලධාරියා වන මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ටයිල් ආනයන තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය එම අමාත්‍යාංශයේ පහළ නිලධාරියෙක් වන ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් අහෝසි කර තිබීම විශේෂත්වයක්.