අදත් පහල ගිය කොටස් වෙළඳපොල

Stock Market
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Thaya

Thaya

Report

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර සමස්ත මිල දර්ශකය ඒකක 149.49 කින් පහත වැටී 7,963.77 ක් ලෙස සටහන් වුණා. එය සියයට 1.84%ක ප්‍රතිශතයක පහත වැටීමක්. කොටස් වෙළඳපොලේ ප්‍රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 57.54 කින් පහත වැටී සටහන් වූයේ 3,170.12 ක් ලෙසයි. එය දැක්වුණේ 1.78% ප්‍රති සතයක් ලේසි කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 4.9 කට අධිකයි. කෙසේ වෙතත් පසුගිය සති දෙදෙකකට අධික කාලයක් විශාල ලෙස වර්ධනය වූ කොළඹ කොටස් වෙළඳපොල අද දිනයේ ද පහත වැටහීමක් පෙන්නුම් කළා. මේ අතර හෙට දිනයේදී ද කොළඹ කොටස් වෙළඳපොල තවදුරටත් පහත වැටෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.