ලෝක තෙත්බිම් දිනට සමගාමීව සුරකිමු ගංඟා වැඩ සටහන ක්‍රියාවට නැංවීමට

Rivers
By Thaya Jan 05, 2021 06:14 PM GMT
Report

අප රටේ සමස්ත ගංගා පද්ධතියට ඇතුළත් වන ගංගා 103ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන දැවැන්ත පරිසර සංරක්ෂණ වැඩ සටහන වන සුරකිමු ගංගා

වැඩ පිළිවෙළ පෙබරවාරි මස 02 දිනට යෙදී තිබෙන ලෝක තෙත්බිම් දිනය සමරමින් ඇරඹීමට සියලු විධිවිධාන යොදා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) පරිසර අමාතයාංශයේ දී සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම වැඩ සටහන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස

අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම වැඩ පිළිවෙළ සඳහා මෙම වසරට රුපියල් මිලියන 200ක මුදලක් අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටි අතර එම සමස්ත මුදලම ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් පියවර ගත්තේය.

මෙතෙක් අපේ රටේ කිසිදු රජයක් යටතේ ගංගාධාර සංරක්ෂණය සඳහා අවධානය යොමු වුයේ නැත මේ නිසාම නාගරිකව ගලා බසින ගංගා බොහොමයක ජලය දූෂණය වී තිබේ . එයට හේතුව ගංගාධාරවල පදිංචිව සිටින බොහෝ දෙනෙක් ඔවුන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය ගංගා වලට මුදා හැරිමයි.

මේ වනවිට අප රටේ සියලුම ගංගා ආශ්‍රිතව සිදු කළ විශේෂ විමර්ශණයකින් අනතුරුව එවැනි ස්ථාන සියල්ලම හඳුනාගෙන ඇති නිසා ගංගාධාර විදිමත් ව සංරක්ෂණය සඳහා සියලු පියවර ගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩ සටහන අවසන් වන විට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 32කි. සමාරම්භක උත්සවය ජනාධිපතිතුමන් හෝ අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට යෝජිත අතර බොහෝවිට මෙම වැඩ සටහන කැළණි ගංගාධාරය අවට ක්‍රියාත්මක කිරිමට සුදුසු ස්ථානයක් හඳුනා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන්නේය.

මෙම වැඩ සටහන මෙතෙක් අප රටේ සමස්ත ගංගා පද්ධතිය ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ප්‍රථම වැඩ පිළිවෙළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Gallery