ශ්‍රීලංකා නිදහස් පක්ෂයට අතපොවන රාජ්‍ය නිලධාරියා....මොහුව මෙහෙයවන ඉහල දේශපාලන හස්තය කවුද?

Freedom Party
By Thaya Jan 06, 2021 04:39 PM GMT
Thaya

Thaya

Report

වර්තමාන ලේ බැංකු අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අනිසි අතපෙවීමක් සිදු කරන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. දැනට රජයේ ඉහල තනතුරක් දරන පුද්ගලයෙකු දේශපාලන පක්ෂයක් සමග එකතුවී එළිපිට කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව මෙහිදී පන නැගෙන අතර මෙම පුද්ගලයා පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දේශපාලන බලමණ්ඩල රැස්වීමටද සහභාගී වූ බවට සඳහන් වනවා.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් පිරිසක් මෙම පුද්ගලයාව එම රැස්වීමෙන් පන්න දැමීමට ද කටයුතු කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙහිදී මෙම පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමජ්කත්වය ලබා ගැනීමට උත්සහ කිරීමේ දී ඊට පක්ෂයේ ජේෂ්ඨයන් විරිද්ධ වූ බව සඳහන්.

කෙසේ වෙතත් පසුගියදා රාත්‍රි කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර එහිදී එම පුද්ගලයා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමජිකත්ය ද ලබාගෙන තිබෙනවා. එම පුද්ගලයාට මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධය පල වූ බවයි වාර්තා වන්නේ.

මෙම රාජ්‍ය නිලධාරියාව ඉහල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක කරනවන බවට චෝදනා නැගී තිබෙනවා. මේවන විට මෙම නිලධාරියා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සඳහා යම්කිසි බලපෑමක් එල්ල කරන බවත් ශ්‍රී ලංකා නිහා පක්ෂයේ සාමාජිකයන්ට රැස්වීම පවා මෙහයවන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම පුද්ගලයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුවිශේෂී කාර්යාලයක් ද එමෙන්ම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි බතික් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ද සුපිරි කාමරයක් ලබාදීමට කටයුතු කර ඇති බවද වාර්තා වනවා. මෙම පුද්ගල විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සියතට ගැනීමේ ප්රියත්නයක් පවතින බවත් මොහුව ක්රියාත්ම කරව ඉහල දේශපාලන හස්තය කවුරුඳ කියන කාරණාව තවදුරටත් ප්‍රෙහෙලිකාවක් බවට පත්ව ඇති බවද සඳහන්.