පාසලක සිසුන් දෙදෙනෙක් විදුහල්පතිවරයාගේ නිළ කාමරයට සහ පරිගණක විද්‍යාගාරයට ගිනි තැබීමේ කණාගාටුදායක පුවතක්..
By krishani
විදුහල්පතිවරයාගේ නිල කාමරයට සහ පරිගනක විද්‍යාගාරයට ගිනි තබා දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
පානදුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාසලකයි ඊයේ(03) මෙම ගින්නක් හටගෙන ඇත්තේ.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ගින්න නිවාදමා ඇති අතර, පසුව අනාවරණ වූයේ පාසල් සිසුන් දෙදෙනෙකු විසින් විදුහල්පතිවරයා ඔවුන්ට පහර දුන්නේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වී මෙම සිසුන් ගින්න අවුළුවා ඇති බවට.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුන් අවුරුදු 12 සහ 8 යන වයස්වල පසුවෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |