අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම්ටත් කොවිඩ්
political
affairs
By Thaya
අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
ඒ මහතා ජනවාරි මස 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීපව ඇසුරු කළ ඇති බව වාර්තා වේ.
එම සමීපතමයින් සහ අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
අදාළ ප්‍රදේශ විෂබීජානුහරණය සඳහා දැනටමත් පියවර ගෙන තිබේ.