තෑගි මුදල දෙගුණ කරන ඩබල් වාසියක්...ටිකට් පතක මිලත් වැඩි කරයි..
By Aruna
ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීම සදහා මහ භාණ්ඩාගාරයෙන් අනුමැතිය හිමිව ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, ඉදිරියේදී ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට නියමිත බවයි පැවසෙන්නේ.
ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරන්නේ, දැනට ලොතරැයි පතක් අළෙවි වන්නේ රුපියල් 20කට වන අතර මිල දෙගුණයකින් ඉහළ දැමීමත් සමග ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදලද ඊට සමගාමීව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බවයි.
එමෙන්ම අදාළ මිල ඉහළ නැංවීම ලබන ජුලි මාස 6 වන දා සිට සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණද ඒ පිළිබද යලි සළකා බැලීමට නියමිතව ඇති බව සදහන්.
ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කළේ, ඒ අනුව මිල වැඩි වීම බලාත්මක වන දිනය සම්බන්ධයෙන් මෙම සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බවයි.