හරීන්ගේ මයිලකට හෝ හානි වුනොත් ජනාධිපති වග කිව යුතුයි..
sajith
harin
premadasa
By Thaya
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ ජීවිතයට අබමල් රේණුවක හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම ජනාධිපති සහ ආණ්ඩුව විසින් දැරිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ප්‍රභාකරන් යන ත්‍රස්තවාදියා සමඟ හරින් ප්‍රනාන්දු යන මානව හිතවාදී මන්ත්‍රීවරයා සංසන්දනය නොකරන ලෙස ද එසේ කිරීම වැරදි කටයුත්තක් බවත් එසේ ඔහු කියා සිටියේය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් තමන් සහ සම්පූර්ණ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කොන්දේසි විරහිතව පෙනී සිටින බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
උත්සව සභාවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.