එජාප යේ තනතුරු වෙනස් වෙයි...මෙන්න අලුතින් පත්වූ නායකයින්.

United National Party
By Thaya Jan 13, 2021 06:38 PM GMT
Report

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පත් කර ඇති අතර සහකාර නායක ලෙස හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පත් කොට තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා පත්කොට ඇති අතර භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බා මහතා තේරී පත්ව ඇත.